දෙමළ කාන්තාවන්ගේ සංකේතයක් ලෙස තිලක තැබීම සහ කරාඹු දැමීම සැලකෙනවා.
එලෙස දෙමළ කාන්තාවන්ට තිලක තැබීම සහ කරාඹු දැමීම තහනමක් කළ පුවතක් නුවරඑළිය – උඩරදැල්ල වතු යායෙන් වාර්තා වනවා.
එම වතු පාලන අධිකාරිය විසින් තේ කර්මාන්ත ශාලාවේ සේවය කරන සේවිකාවන්ට මෙලෙස තිලක තැබීම සහ කරාඹු දැමීම තහනම් කර ඇති බවයි වාර්තා වන්නේ.
වතු පාලන අධිකාරිය පවසා ඇත්තේ තේ නිෂ්පාදනයේ දී තිලක සහ කරාඹු තේවලට වැටීම වැළක්වීම සඳහා මෙම පියවර ගත් බවයි.














ආරක්ෂිතව ආහාර සකසන කිසිදු ආයතනයක් මුදු කරාබු මාල ආදි කිසිදු දෙයක් පැළඳීමට ඉඩ දෙන්නේ නෑ. එම නීතියට ආගම ජාතිය අදාල නැහැ. මමත් ජපානයේ ආහාර සැකසුම් ආයතනයක සේවය කළා. එම ආයතනයේ මාල මූදු පැළඳීම පමණක් නොව රැවුල වැවීමද සපුරා තහනම්.