නීතිඥ සංගමයේ නව සභාපති වැඩ අරඹයි

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ කෞෂල්‍ය නවරත්න අද ධුරයේ රාජකාරී ආරම්භ කර තිබෙනවා.

එම අවස්ථාවට එක් වෙමින් ඔහු සඳහන් කළේ, පක්ෂ දේශපාලනයෙන් බැහැරව ස්වාධීනව නීතිඥ සංගමයේ ඉදිරි කටයුතු කරගෙන යාමට පියවර ගන්නා බවයි.

2023 – 2024 වසර සඳහා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා ඡන්ද විමසීමකින් තොරවයි පසුගියදා තේරී පත් වුයේ.

මෙවර නිලවරණය සඳහා නාම යෝජනා භාරදී තිබුණේ ඔහු පමණක් වීම ඊට හේතුවයි.

කෞෂල්‍ය නවරත්න මහතා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 27 වන සභාපතිවරයායි.

මේ අතර නීතිඥ සංගමයේ විධායක කමිටු සාමාජිකයින් 13දෙනෙකු තෝරා පත්කරගැනීම සඳහා වන නිලවරණය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද උදෑසන පැවැත් වුණා.

නීතීඥ සංගමයේ සභාපති ලෙස මෙතෙක් කටයුතු කළ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ද එම අවස්ථාවට එක්ව සිටියා.

නීතිපති සංජය රාජරත්නම් මහතා මෙන්ම අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙනුයි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 49 වැනි සමුළුව ආරම්භ වූයේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39