නීතිඥ සංගමයේ නව සභාපති වැඩ අරඹයි

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ කෞෂල්‍ය නවරත්න අද ධුරයේ රාජකාරී ආරම්භ කර තිබෙනවා.

එම අවස්ථාවට එක් වෙමින් ඔහු සඳහන් කළේ, පක්ෂ දේශපාලනයෙන් බැහැරව ස්වාධීනව නීතිඥ සංගමයේ ඉදිරි කටයුතු කරගෙන යාමට පියවර ගන්නා බවයි.

2023 – 2024 වසර සඳහා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා ඡන්ද විමසීමකින් තොරවයි පසුගියදා තේරී පත් වුයේ.

මෙවර නිලවරණය සඳහා නාම යෝජනා භාරදී තිබුණේ ඔහු පමණක් වීම ඊට හේතුවයි.

කෞෂල්‍ය නවරත්න මහතා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 27 වන සභාපතිවරයායි.

මේ අතර නීතිඥ සංගමයේ විධායක කමිටු සාමාජිකයින් 13දෙනෙකු තෝරා පත්කරගැනීම සඳහා වන නිලවරණය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද උදෑසන පැවැත් වුණා.

නීතීඥ සංගමයේ සභාපති ලෙස මෙතෙක් කටයුතු කළ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ද එම අවස්ථාවට එක්ව සිටියා.

නීතිපති සංජය රාජරත්නම් මහතා මෙන්ම අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙනුයි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 49 වැනි සමුළුව ආරම්භ වූයේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?