උඩප්පුව පොලිස් වසමේ කොත්තන්තිව් ප්රදේශයේදී ඊයේ (31) දින උදෑසන නිවස ඉදිරිපිට පිහිටි මාළු ටැංකියකට දැරියක් වැටීමෙන් පසු කොත්තන්තිව් රෝහලට ඇතුළත් කිරීමෙන් කර ඇති බව පොලිසිය පවසනවා.
කෙසේ වෙතත් මෙම දැරිය, රෝහල් ගත කිරීමෙන් අනතුරව ජීවිතක්ෂයට පත්ව තිබුණා.
මියගිය දැරිය අවුරුදු 01 මාස 04 ක් වූ පෙරියපාඩුව, කොත්තන්තිව් ප්රදේශයේ පදිංචිව සිට තිබෙනවා.
මෘත ශරීරය පුත්තලම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර උඩප්පුව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
