නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ගන්න අනිවාර්යෙන් ගෙදර ඉන්න – නියෝජ්‍ය තැපැල්පති (වීඩියෝ)

එළඹෙන ජනාධිපතිවරණයට අදාළව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම අද (03) දිනයේ ආරම්භ වූ බව නියෝජ්‍ය තැපැල්පති රාජිත කේ රණසිංහ සඳහන් කළා.

මේ වනවිටත් එම කටයුතු සාර්ථකව සිදුකෙරෙමින් පවතින බවයි නියෝජ්‍ය තැපැල්පතිවරයා පැවසුවේ.

මෙම ඡන්ද දැන්වීම් පත්‍රිකා අනෙකුත් ලිපි මෙන් නිවසේ ඇති ලියුම් පෙට්ටියට බහාලීමක් සිදුනොකරන බව සඳහන් කළ ඔහු, ඒ හේතුවෙන් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබාගැනීම සඳහා නිවසේ කිසියම් අයෙකු රැඳී සිටීම අනිවාර්ය බව සඳහන් කළා.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම සැප්තැම්බර් 14 වනදා දක්වා සිදු කෙරෙන අතර, ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස එළඹෙන 08 වන ඉරිදා නම්කර ඇති බව ද නියෝජ්‍ය තැපැල්පතිවරයා මෙහි දී පැවසුවා.

මේ අතර සැප්තැම්බර් 14 වනදා දක්වා ම තමන්ට හිමි නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලබාගැනීමට නොහැකි වූ ඡන්දදායකයින්ට තමන්ගේ ඡන්ද දැන්වීම් පත්‍රිකාව තම ලිපි බෙදාහරින තැපැල් කාර්යාලය වෙත ගොස් එහි ස්ථානාධිපතිවරයාට සිය ආනයන්‍යතාවය තහවුරුකර මැතිවරණ දිනය දක්වාම ලබාගැනීමේ හැකියාව ඇති බව ද ඔහු සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11
Video thumbnail
මිනිස්සු පරණ පුරුද්දෙන් ගලවන්න අමාරුයි..ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි - ප්‍රතිවිරෝධයක් ඇතිවෙනවා
04:11
Video thumbnail
"කොස් මල්ලි"ගේ මස්සිනා "භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:43
Video thumbnail
අත්පත් කරගත් ආර්ථික ජයග්‍රහණ ගමට තල්ලු කළ යුතුයි - බිඳ වැටුණු ව්‍යාපෘති විශාල අවුල් ජාලාවක්
09:56
Video thumbnail
අද පැවිදි වෙන අයට වඩා සිවුර අරින අය වැඩියි - උදාර වැඩපිළිවෙලක් කිරීම රජයේ ඉතාම කාලෝචිත ක්‍රියාවක්
07:19
Video thumbnail
22 ගැන කට ඇරපු ක්‍රීඩා ඇමති - එක කණ්ඩායමකගේ අතේ තියෙන දේපළ වෙලා
04:23
Video thumbnail
හිටපු පාලකයින් හිටවපු ගස් කපලා අලුත් ගස් හිටවන දඹුල්ලේ නගරාධිපති - ප්‍රජාව අපිට චෝදනා කළා
02:05
Video thumbnail
22 වන සංශෝධනයට එරෙහිව ලිබර්ටි වට රවුමේ විරෝධතාවක් - ආණ්ඩුව ජනවරමට පටහැනිව ක්‍රියා කරන්නේ
03:09
Video thumbnail
මේක ජනතාවගේ ආණ්ඩුවක් - අපේ පෞද්ගලික ආණ්ඩුවක් නෙවෙයි..ඔවුන්ගේ පන්නයේ මැති ඇමතිලා නෙවෙයි මේ
03:23