නිධන් සොයා කැණීම් කළ හිමිවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට

පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් සිදු කරමින් සිටි ස්වාමීන් වහන්සේලා දෙනමක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (10) දහවල් පේරාදෙණිය ගන්නෝරුව කන්ද ප්‍රදේශයේ පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් සිදු කරන බවට පොලිසියට ලැබුණු තොරතුරකට අනුවයි වැටලීම සිදුකර ඇත්තේ.

මෙහිදී සැකකාර ස්වාමීන් වහන්සේලා දෙදෙනා කැණීම් සඳහා යොදාගත් උපකරණ සමගින් පොලිස් අත්අඩංගුවට ගනු ලැබුවා.

අවුරුදු 30 සහ 58 යන වයස්වල පසුවන සැකකාර හිමිවරුන් දෙපළ ගන්නොරුව ගල්ලෙන් විහාරයේ වැඩ වාසය කරන දෙදෙනෙක් බවටයි හෙළිවී ඇත්තේ.

උන්වහන්සේලා අද මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර පේරාදෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
1
හරි හිනා !
0
හම්මෝ !
2
මාර දුකයි !
0
මලපනිනව !
2
කුජීතයි !
1
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?