නිධන් සොයා කැණීම් කළ හිමිවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට

පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් සිදු කරමින් සිටි ස්වාමීන් වහන්සේලා දෙනමක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (10) දහවල් පේරාදෙණිය ගන්නෝරුව කන්ද ප්‍රදේශයේ පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් සිදු කරන බවට පොලිසියට ලැබුණු තොරතුරකට අනුවයි වැටලීම සිදුකර ඇත්තේ.

මෙහිදී සැකකාර ස්වාමීන් වහන්සේලා දෙදෙනා කැණීම් සඳහා යොදාගත් උපකරණ සමගින් පොලිස් අත්අඩංගුවට ගනු ලැබුවා.

අවුරුදු 30 සහ 58 යන වයස්වල පසුවන සැකකාර හිමිවරුන් දෙපළ ගන්නොරුව ගල්ලෙන් විහාරයේ වැඩ වාසය කරන දෙදෙනෙක් බවටයි හෙළිවී ඇත්තේ.

උන්වහන්සේලා අද මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර පේරාදෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සහල්වලින් බියර් හදනවා කිව්ව දේට කැබිනට් හමුව උණුසුම් වෙයි - අදහසක් පදනම් කරගෙන කියන්න ඇත්තේ
02:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
03:04
Video thumbnail
ජනපතිගේ ප්‍රංශ සංචාරයට මොකද වුණේ ? වීසා ප්‍රතික්ෂේප කරලද ?
01:32
Video thumbnail
ප්‍රභූ ආරක්ෂාව ගැන ඇමති නලින්දගෙන් හෙළිදරව්වක් - සමහර විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට තියෙනවා
02:09
Video thumbnail
ගේ ඇතුලේ ඇඳ යට නිධන් හාරලා - බලද්දී ඇතුලේ තිබ්බ දේ..
02:14
Video thumbnail
බිත්තර, මස් මිල ඉහළ යයිද ?බඩ ඉරිඟු නැතිවුණොත් සත්ත්ව ආහාර නිෂ්පාදනය නවතිනවා
11:33
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:31
Video thumbnail
ප්‍රසන්න රණතුංගට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවතට - ගැම්මට හිනාවෙලා යන හැටි
01:23
Video thumbnail
පොඩි පොඩි අඩුපාඩුකම් තිබ්බත් අපේ පාර්ලිමේන්තුව ගොඩාක් හොඳයි
03:46
Video thumbnail
කුපිත වුණ රාජාංගනයේ ගොවියන් මහ පාරට බහියි - මේ බාල පොහොර තනිකරම ජරා ගොඩක්
04:52