නාරම්මල පොලිස් වෙඩිල්ල තැබූ උප පොලිස් පරීක්ෂක අත්අඩංගුවට (වීඩියෝ)

නාරම්මල, දම්පලැස්ස ප්‍රදේශයේ දී ඊයේ (18) රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමකින් ලොරි රථ රියදුරෙක් මිය යාමේ සිද්ධිය සම්බන්ධ සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව පවසනවා.

මෙම උප පොලිස් පරීක්ෂකවරයා පොලිසියේ ඇති උපදෙස්වලට බැහැරව සහ නොසැලිකිළිමත්කමින් කටයුතු කර ඇති බවට දැනට සිදුකළ විමර්ශනවල දී නිරීක්ෂණ වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද (19) මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළා.

සැකකාර උප පොලිස් පරීක්ෂකවරයාට එරෙහිව දැඩිලෙස නීතිය ක්‍රියාත්මක කරන බවත්, ආයතනික වශයෙන් විණයානුකූලව කටයුතු කරන බව ද ඔහු මෙහිදී සඳහන් කළා.

නාරම්මල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා මේ වනවිට 59 හැවිරිදි වියේ පසුවන අයෙක් වන අතර, මියගිය ලොරි රථ රියදුරා වයස අවුරුදු 41ක මහරච්චියමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ අතර මෙම වෙඩිතැබීමේ සිද්ධියේදී පොලිස් නිලධාරීන් ක්‍රියාකළ ආකාරය සම්බන්ධයෙන් සොයාබැලීමට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් මත විශේෂ පරීක්ෂණයක් සිදුකිරීමට පොලිස් වි‍ශේෂ විමර්ශන ඒකකයේ පොලිස් කණ්ඩායමක් එම ප්‍රදේශයට මේ වන විටත් පිටව ගොස් තිබෙනවා.

මියගිය රියදුරුගේ පවුලේ අයට ශ්‍රී ලංකා පොලිසිය වෙනුවෙන් යම් සහනයක් සැලැසීම සම්බන්ධයෙන් ද පොලිස් මූලස්ථානයේ අවධානය මේ වනවිටත් යොමුව ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිවුරක් ගලවනකොට මහ පොළොව කම්පා වෙනවා - ඉස්සරහට බලාගන්න දේව කම්පාව මොකද්ද කියලා
03:56
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් හඬා වැටුණු කත - තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගෙන් ඉල්ලනවා නිදහස ලබා දෙන්න
01:27
Video thumbnail
මම ඉන්නෙත් ඇප පිට..මගෙන් වැරැද්දක් සිද්ධ වුණා - මාලිමා මන්ත්‍රී චන්දන කිව්ව දේ
04:18
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන මරික්කාර්ගෙන් අනාවරණයක් - ඒ ආණ්ඩුවේ කරත් මේ ආණ්ඩුවේ ක‍රත් හොරකම්
08:41
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45
Video thumbnail
අවන්හලක් රත්කළ වෙ# වරුසාවෙන් පසු එහි නවතම දර්ශන - ඥාතීන් ඇවිත් හඬා වැටෙයි
01:23
Video thumbnail
නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි
01:01
Video thumbnail
කාටත් හොරා කරපු නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි - සැකකරු බඩුත් එක්කම කුදලන් එයි
01:06