නාරම්මල පොලිස් වෙඩිල්ල තැබූ උප පොලිස් පරීක්ෂක අත්අඩංගුවට (වීඩියෝ)

නාරම්මල, දම්පලැස්ස ප්‍රදේශයේ දී ඊයේ (18) රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමකින් ලොරි රථ රියදුරෙක් මිය යාමේ සිද්ධිය සම්බන්ධ සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව පවසනවා.

මෙම උප පොලිස් පරීක්ෂකවරයා පොලිසියේ ඇති උපදෙස්වලට බැහැරව සහ නොසැලිකිළිමත්කමින් කටයුතු කර ඇති බවට දැනට සිදුකළ විමර්ශනවල දී නිරීක්ෂණ වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද (19) මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළා.

සැකකාර උප පොලිස් පරීක්ෂකවරයාට එරෙහිව දැඩිලෙස නීතිය ක්‍රියාත්මක කරන බවත්, ආයතනික වශයෙන් විණයානුකූලව කටයුතු කරන බව ද ඔහු මෙහිදී සඳහන් කළා.

නාරම්මල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා මේ වනවිට 59 හැවිරිදි වියේ පසුවන අයෙක් වන අතර, මියගිය ලොරි රථ රියදුරා වයස අවුරුදු 41ක මහරච්චියමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ අතර මෙම වෙඩිතැබීමේ සිද්ධියේදී පොලිස් නිලධාරීන් ක්‍රියාකළ ආකාරය සම්බන්ධයෙන් සොයාබැලීමට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් මත විශේෂ පරීක්ෂණයක් සිදුකිරීමට පොලිස් වි‍ශේෂ විමර්ශන ඒකකයේ පොලිස් කණ්ඩායමක් එම ප්‍රදේශයට මේ වන විටත් පිටව ගොස් තිබෙනවා.

මියගිය රියදුරුගේ පවුලේ අයට ශ්‍රී ලංකා පොලිසිය වෙනුවෙන් යම් සහනයක් සැලැසීම සම්බන්ධයෙන් ද පොලිස් මූලස්ථානයේ අවධානය මේ වනවිටත් යොමුව ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48