දේශබන්දු යොමු කළ රීට් පෙත්සමේ තීන්දුව මාර්තු 17 වැනිදා

තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණ‍ය දී ඇති නියෝගය බලරහිත කරන ලෙස
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඉදිරිපත් කළ රිට් පෙත්සම අද (12) සලකා බැලුණා.

ඒ අනුව එහි තීන්දුව එළැඹෙන 17 වැනිදා ප්‍රකාශයට පත් කරන බවයි අභියාචනාධිකරණය නියෝග කර ඇත්තේ.

අදාළ පෙත්සම අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති මොහොමඩ් ලෆාර් තාෆීර් සහ සරත් දසනායක යන විනිසුරු මඬුල්ල ඉදිරියේ දී කැඳවනු ලැබූ අවස්ථාවේ දී මෙම නියෝගය නිකුත් කෙරුණා.

පෙත්සම්කාර දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් ජ්‍යේෂ්ඨ ජනාධිපති නීතිඥ ආචාර්‍යය රොමේෂ් ද සිල්වා මහතා කරුණු දැක්වූ අතර වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දිලීප පීරිස් මහතා කරුණු දක්වනු ලැබුවා.

එහිදී අතිරේක අධිකරණ සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට පෙන්වාදුන්නේ මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත්තේ ඉදිරිපත් වූ නිසි සාක්ෂි අනුව නීතියට අනුකූල ව බව ද සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?