දුම්රිය වැසිකිළිය තුළ බිළිඳෙකු දමා ගිය සිද්ධියට බණ්ඩාරවෙල පොලිසියේ ලොක්කෙකුට වැඩ වරදියි

මීනගයා රාත්‍රී දුම්රිය වැසිකිළිය තුළ බිළිඳෙකු දමා ගිය කාන්තාව අත්අඩංගුවට ගැනීමෙන් පසු ඒ සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය පිළිබඳ බණ්ඩාරවෙල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට එරෙහිව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනවා.

සැකකාර මව අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඇයගෙන් ප්‍රශ්න කිරීම මෙන්ම විමර්ශනයේ තොරතුරු පිළිබඳ සැළකිලිමත්වීමකින් තොරව සැකකාර කාන්තාවන් අපහසුතාවයට පත්වන ආකාරයට කටයුතු කිරීම හා ළමුන් හා කාන්තාවන් සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ පොලිස්පතිවරයා විසින් නිකුත් කර ඇති චක්‍රලේඛණ අනුව කටයුතු නොකිරීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් පැවසුවේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වහා විමර්ශනයක් කරන ලෙස පොලිස්පතිවරයා විසින් පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂකවරයා වෙත නියෝග කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
32
අවුල් වගේ !
11
හරි හිනා !
45
හම්මෝ !
7
මාර දුකයි !
17
මලපනිනව !
22
කුජීතයි !
18
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?