Wednesday, January 15, 2025
Empty Ad
AFC Banner
AFC Banner

දුම්රිය වර්ජකයින්ට නීති තද වෙයි

දුම්රිය ඇතුළු පොදු ප්‍රවාහනය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමට නිකුත් කර තිබෙන ගැසට් නිවේදනයේ නීති රීති තදින්ම ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා.

මීට අදාල ගැසට් නිවේදනය සැප්තැම්බර් මස 12 වැනි දින ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් නිකුත් කරනු ලැබූ අතර එය මාසයක කාලයක් සඳහා බල පැවැත්වෙයි.

වැඩ වර්ජන හෝ වෙනත් ක්‍රියාමාර්ග ගනිමින් රාජකාරියට වාර්තා නොකරන සියලුම දුම්රිය සේවකයින් අදාල ගැසට් නිවේදනයේ සඳහන් පරිදි සේවය අතහැර ගියා සේ සලකන බව රජය නිවේදනය කරයි.

මේ අතර පහරදීමක් මුල් කරගනිමින් උප නියාමක දුම්රිය සේවකයින් පිරිසක් ආරම්භ කළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
6
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?