spot_imgspot_img

දුම්රියේ ගිය පිරිසක් පාලමක ගැටී අනතුරකට ලක්වෙයි – මහලේකම් කාර්යාල ස්ටේෂමේ උණුසුම් තත්ත්වයක්

කොළඹ – මහලේකම් කාර්යාල දුම්රිය ස්ථානයේ මේ වනවිට උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ඇති වී ඇති දුම්රිය ප්‍රමාදයක් හේතුවෙන් මෙම උණුසුම් තත්ත්වය හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර රඹුක්කන සිට පානදුර දක්වා ධාවන වූ දුම්රියේ සිටි මගීන් පස්දෙනෙකු පමණ කොළඹ – මහලේකම් කාර්යාල දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටි පාළමේ ගැටීමෙන් අනතුරකට ලක්ව තිබෙනවා.

එම පුද්ගලයින් වහාම රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

දුම්රිය ප්‍රමාදය සහ දුම්රිය ධාවනයට එක්කර නොතිබීම හේතුවෙන් ධාරිතාව ඉක්ම වූ මගීන් පිරිසක් මෙම දුම්රියේ ගමන්කර ඇති බවට තොරතුරු වාර්තා වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
1
+1
3
+1
6
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?