දුම්බර බන්ධනාගාරයේ රැඳවියෙක් වෙඩි වැදී මියයාම ගැන අභ්‍යන්තර පරීක්ෂණයක්

දුම්බර බන්ධනාගාරයේ දී වෙඩි තැබීමකට ලක්ව රැඳවියෙක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක එස්.කේ පල්ලෙතැන්න පවසනවා.

එමෙන්ම පොලිසිය මඟින් ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවයි බන්ධනාගාර කොමසාරිස්වරයා සඳහන් කළේ.

අදාළ රැඳවියා ඊයේ (01) පස්වරුවේ බන්ධනාගාර තාප්පය උඩින් පැන පලා යාමට උත්සාහ කිරීමේදී බන්ධනාගාර නිලධාරීන් විසින් සිදුකළ වෙඩි තැබීමක දී ඔහු මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ ගලගෙදර ප්‍රදේශයේ පදිංචිව සිටි 28 හැවිරිදි අයෙකු වන අතර, ඔහු මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිවලට ​​අදාළව දින 10කට පෙර ඔහු රක්ෂිත බන්ධනාගාරග කළ අයෙක්.