එළඹෙන දීපවාලි උත්සවය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවට විශේෂ ප්‍රවාහන සේවාවක් ආරම්භ කර ඇති බව ජාතික ගමනාගමන මණ්ඩලය සඳහන් කරනවා.
ඒ, අනුව අද (06) සිට මෙම විශේෂ ප්‍රවාහන සේවාව ආරම්භ කිරීමට කටයුතු කර ඇති බවයි එම මණ්ඩලය සඳහන් කළේ.
අද දිනයේ දී සාමාන්‍ය ගමන්වාරවලට අමතරව, විශේෂ ගමන්වාර 70කට අධික ප්‍රමාණයක් ක්‍රියාත්මක කර ඇති බව ගමනාගමන මණ්ඩලය පැවසුවා.
එමෙන්ම හෙට (07) දිනයේ අමතරව ගමන්වාර 74ක් සහ අනිද්දා (08) දිනයේ අමතරව ගමන්වාර 46ක් ක්‍රියාත්මක කිරීමටයි කටයුතු කර ඇත්තේ.
අද (06) සිට දින සිට එළඹෙන ඉරිදා (08) දිනය දක්වා දින 03ක් මෙම විශේෂ ප්‍රවාහන සේවාව ක්‍රියාත්මක වනවා.
