විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර අද (17) ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති ගරු එරික් මේයර් හමුවුණා.
මෙම හමුව අතරතුර, දෙපාර්ශ්වයම ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව අදහස් හුවමාරු කරගත් අතර, වෙළඳාම, ආයෝජන, සංචාරක සහ ජනතාව අතර හුවමාරු ඇතුළු අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්රවල සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අවස්ථා සම්බන්ධව අවධානය යොමුකළා.
එම අවස්ථාවේ වසර ගණනාවක් පුරා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට ලබා දුන් අඛණ්ඩ සහයෝගය සහ සහයෝගීතාවය පිළිබඳව නියෝජ්‍ය අමාත්‍යවරයා සිය කෘතඥතාව පළ කළා.
ඵලදායී සංවාදයක් පවත්වා ගැනීමේ සහ දෙරට අතර මිත්‍රත්වයේ සහ අන්‍යෝන්‍ය අවබෝධයේ දිගුකාලීන බැඳීම් තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම දෙපාර්ශ්වයම නැවත තහවුරු කළ බවටත් වාර්තාවෙනවා.
