දරුවකු ප්‍රසූත කිරීම සඳහා පොල්පිතිගම මූලික රෝහල වෙත සිය සැමියා සමඟ පැමිණි ගැබිනි මාතාවකට බැණ තර්ජනය කළ වෛද්‍යවරයකු සම්බන්ධයෙන් එම සැමියා විසින් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට, දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයාට හා පොල්පිතිගම ප්‍රාදේශීය සභාපතිවරයාට ලිඛිතව පැමිණිලිකර තිබේ.
‘‘තමුසෙට කියන සිංහල තේරෙන්නෙ නැද්ද? දැන් ගිහින් ආපසු උදේ එනවා. දැන් හිටියොත් කුරුණෑගල යවනවා. නැත්නම් බෙල්ල ගලවලා අතට දෙනවා බල බල ඉන්න’’ යනුවෙන් සිය බිරිඳ බියවද්දමින් තර්ජනය කළ බව එම සැමියා ලිපිය මගින් දැනුම් දී තිබේ.
වෛද්‍යවරයාගේ මෙම ප්‍රකාශයත් සමඟ තම ගැබිනි බිරිඳ දැඩි ලෙස කම්පනයට පත් වූ බවත්, පසුව රෝහලේ මොහොතක්වත් රැඳී නොසිට ඇයව තඹුත්තේගම රෝහලට ඇතුළත් කළ බවත් ඔහු සිය පැමිණිල්ල මගින් දැනුම් දී ඇත.
අර්. එම්. ඩබ්. බණ්ඩාර – කුරුණෑගල














ලන්කාවේ දෙන් සිටිනා දොස්තරලා බලු දොස්තරලා වෙලා; උන් හිතන් ඉන්නෙ උන් මහා ලොකු වෙඩ කාරයො කියල , උන් දෙන් වෙඩියෙන් වොයිස් කට් වලටත් පුරුදු වෙලා; බහුතර දොස්තරලා හොන්දට ඉන්න අයවත් මරන තරමට පිරිහෙලා; මෙ දොස්තරලා කියන උන් මස් කඩයක මස් කපන්න මිසක , රෝගින්ට පිලියම් කරනට නොවෙ ;
Ai Ahala… hena hathama wadiyan nadda man kiyanne…. untika marila giyama api apitama beheth karagannawa…. Nidahas adyapanayen kuhaka kamata igana gena… me api wage athal eke inne nathuwa… Mun tikata gedara inna kiyala api wattu tika beda gena beheth karamu… mun danna beheth.. Nadda Marci…