තලෛයිමන්නාරම හමුදා ඩිෆෙන්ඩර් රථ අනතුරට හේතුව බූරුවෙක්

තලෛයිමන්නාරම පොලිස් වසමේ මන්නාරම – තලෛයිමන්නාරම මාර්ගයේ කීරියන්කුඩිඉරිප්පු ප්‍රදේශයේ දී යුද හමුදා ඩිෆෙන්ඩර් රථයක් ඊයේ (24) පස්වරුවේ අනතුරකට ලක්ව තිබුණා.

සෙල්වරි යුද හමුදා කඳවුරට අයත් ඩිෆෙන්ඩර් රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබූ අතර මෙම අනතුරින් රථයේ රියදුරු සහ එහි ගමන් කළ යුද හමුදා සෙබලුන් 11 දෙනෙකු තුවාල ලබා පේසාලේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් සෙබලෙකු මියගියා.

තුවාල ලැබූ රියදුරු ඇතුළු අනෙක් තුවාලකරුවන් දසදෙනා වැඩිදුර ප්‍රථිකාර සඳහා මන්නාරම රෝහල වෙත මාරු කර යවා ඇති බවයි පොලිසිය පැවසුවේ.

මිය ගිය හමුදා සෙබලා අවුරුදු 42ක යුද හමුදාවේ තලෛයි මන්නාරම සෙල්වරි කාලතුවක්කු කඳවුරට අයත් නොච්චියාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

තලෛයිමන්නාරම දෙසට ධාවනය වූ ඩිෆෙන්ඩර් රථය, මාර්ගය හරහා බූරුවෙකු පැනීම හේතුවෙන් රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන තල් ගසක ගැටී අනතුරක් සිදුව සිදුව ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

තලෛයිමන්නාරම පොලිසිය විසින් අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.