පසුගිය පෙබරවාරි මස 13 වනදා තලංගම පොලිස් වසමේ සුපිරි වෙළඳසැලක රථගාලක් තුළ දී අඹුසැමි යුවළක් ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු ප්රවාහනය කල බවට සැකකරන බස් රථයක් විමර්ශන නිලධාරීන්ගේ භාරයට ගෙන තිබුණා.
ඒ අනුව මෙම බස් රථය සම්බන්ධයෙන් නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය මඟින් සිදු කරනු ලැබූ විමර්ශනයේ දී මෙය මත්ද්රව්ය ජාවාරමෙන් උපයාගත් මුදලින් මිලදී ගෙන ඇති බවට අනාවරණය වී තිබෙනවා.
මෙම අනාවරණයෙන් පසුව අදාළ බස් රථය 2026.10.23 දින සිට දින 14 ක කාලයක් සඳහා ක්රියා විරහිත කිරීමටයි කටයුතු කර ඇත්තේ.
මේ සම්බන්ධයෙන් නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මඟින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
