ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීම සඳහා මැදිහත් වන ලෙස මිහින්තලය රජමහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරත්න හිමියන් ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ඉල්ලා සිටිනවා.
උන්වහන්සේ මෙම ඉල්ලීම සිදු කළේ, පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ප්රදානය කරන ලෙස ඉල්ලා පෙත්සමකට අත්සන් ලක්ෂ 50ක් ලබාගැනීමේ වැඩසටහනට එක්වෙමින්.
එම වැඩසටහන අද (26) මිහින්තලේ පූජා භූමියෙන් ආරම්භ වුණා.
“ඥාණසාර හාමුදුරුවොන්ට අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නිර දඬුවම් නියම වුණා. ඊට පස්සේ අපේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා නිලධාරීන්ට කිව්වා, උන්වහන්සේට ජනාධිපති සමාව දෙන්න කියලා. ජනාධිපති නෙවෙයි ලියකියවිලි හදන්නේ, ඒ ඉන්න නිලධාරීන්. මොනාහරි අඩුවක් තිබිලා කවුරුහරි අධිකරණයට කියලා තියෙනවා, මේක වැරදි කියලා. ඉතින් ඥාණසාර හාමුදුරුවෝ නෙවෙයි වැරදි, ඒ නිලධාරීන් තමයි වැරදි”යැයි උන්වහන්ස්සේ සඳහන් කළා.













