ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ වැඩ බැලීමට අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස සේවය කළ එච්.සී.පී. ජයවීර 2026-09-14 දිනට වයස අවුරුදු 60 සම්පූර්ණ වීම මතරාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගනු ලැබ තිබෙනවා.

ඒ හේතුවෙන්, මේ වන විට පුරප්පාඩුව පවතින ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යෂ ජනරාල් තනතුරට එම දෙපාර්තමේන්තුවේ දැනට සේවය කරනු ලබන ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ I ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන, එම්. එම්.ඩී.ජේ සේනාරත්න වහාම ක්‍රියාත්මක වන පරිදි පූර්ණ කාලීනව වැඩ බැලීම සඳහා පත් කිරීම පිණිස පරිසර අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්