ජාත්‍යන්තර ඕසොන් දිනය අදයි

ජාත්‍යන්තර ඕසොන් දිනය අදට යෙදී තිබෙනවා.

විද්‍යාවේ සිට ගෝලීය ක්‍රියාකාරිත්වය කරා යන්න මෙවර ජාත්‍යන්තර ඕසොන් දින තේමාවයි.

1994 වසරේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේ දී සෑම වසරකම සැප්තැම්බර් 16 වනදා ඔසොන් ස්ථරය සංරක්ෂණය කිරිමේ දිනය ලෙසට නම් කරනු ලැබුවා.

ඕසෝන් ස්ථරය ආරක්ෂා කරගැනිම සඳහා පිහිටුවා ගත් මොන්ට්‍රියල් සංධානය ලොව සාර්ථකම බහු පාර්ශවීය සංන්ධානය ලෙසටයි සැලකෙන්නේ.

ඕසෝන් ස්ථරයට හානි කරන රසායනික ද්‍රව්‍ය පාරිභෝජනය අවම කිරිමට සහ තුරන් කිරීමට ශ්‍රී ලංකාව මේ වන විට පියවර ගෙන ඇති බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැදි සඳහන් කළා.

මේ අතර සූර්යයාගේ පාරජම්බුල කිරණවලට එරෙහිව පෘථිවියේ ආරක්ෂක පලිහ වන ඕසෝන් ස්ථරය 2024 දී අඛණ්ඩව සුවය ලබා ඇති අතර, එය සියවසේ මැද භාගය වන විට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කිරීම සඳහා මාවතට යොමු කර ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ.

ඕසෝන් ස්ථරය සංරක්ෂණය කිරීමේ ජාත්‍යන්තර දිනයේදී නිකුත් කරන ලද පණිවුඩයෙන් ලෝක කාලගුණ විද්‍යා සංවිධානය සඳහන් කළේ ඕසෝන් ස්ථරයේ පවතින සිදුර පසුගිය වසරවන විට කුඩා වී ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.09
00:00
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45
Video thumbnail
අවන්හලක් රත්කළ වෙ# වරුසාවෙන් පසු එහි නවතම දර්ශන - ඥාතීන් ඇවිත් හඬා වැටෙයි
01:23
Video thumbnail
නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි
01:01
Video thumbnail
කාටත් හොරා කරපු නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි - සැකකරු බඩුත් එක්කම කුදලන් එයි
01:06
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම ගැන නීතීඥයෙක් හෙළිකරපු දේ - නිලධාරින්ට වරද පටවලා ?
06:25
Video thumbnail
නාගොඩ ප්‍රදේශයේ අඹුසැමි යුවලකට වෙ#
00:18
Video thumbnail
එකම තැන බිහිසුණු අනතුරු දෙකක්
01:47