ජල සම්පාදන මණ්ඩලයට අයත් මීසාලේ ජල පිරිපහදු ආයතනයේ තිබූ රුපියල් දාහතර ලක්ෂ දොස්දහස් නවසිය අනූහතක් වටිනා කේබල් සොරකම් කිරීමක් සම්බන්ධයෙන් චාවකච්චේරිය පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබුණා.
ඒ, අනුව ඊයේ (14) දහවල් චාවකච්චේරි පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම සොරකම සම්බන්ධයෙන් සැකකරුවන දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පුද්ගලික අංශයේ ආරක්ෂකයෙකු ලෙස එම ආයතනයේ සේවය කළ පුද්ගලයෙකු හා සොරබඩු ලඟ තබා ගැනීම සම්බන්ධයෙන් පුද්ගලයෙක්.
සැකකරුවන් අවුරුදු 23 හා 43 වයස්වල පසුවන නීර්වේලි හා කොටගල යන ප්රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වුණේ.
චාවකච්චේරිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













