ජනපති අනුර කුමාරගේ ජන්ම දිනය අදයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (24) සිය ජන්ම දිනය සමරනවා.

1968 නොවැම්බර් 24 වනදා ගලේවෙල දී උපත ලැබූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද සමරනු ලබන්නේ සිය 57 වැනි ජන්ම දිනයයි.

දිසානායක මුදියන්සේලාගේ අනුර කුමාර දිසානායක මහතා තඹුතේගම ගාමිණී මහා විද්‍යාලයෙන් සහ තඹුතේගම මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ අතර, එම විද්‍යාලයෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබූ පළමු ශිෂ්‍යයා බවට ද පත් වුණා.

1992 වර්ෂයේ දී කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයට ඇතුළත් වු අනුර කුමාර දිසානායක මහතා 1995 වර්ෂයේ දී විද්‍යාවේදී උපාධිය ලබාගෙන තිබෙනවා.

ජනතා විමුක්ති පෙරමුණේ පුනරාගමනය සිදුවූ 1993 කාලවකවානුවෙන් පසුව ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන අනුර කුමාර දිසානායක 1997 වර්ෂයේ දී සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක ධුරය හිමිකර ගනු ලැබුවා.

එම වසරේදීම ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාවට තේරී පත්වු ඔහු, 1998 වසරේ දී ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයට ඇතුළත් වුණා.

1999 වසරේ පැවති පළාත් සභා මැතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණේ මහඇමති අපේක්ෂකයා ලෙස මධ්‍යම පළාත් සභාවට තරග වදිමින් පළමු වරට දේශපාලන ප්‍රවේශය ලබා ලැබූ ලැබුවා.

2000 වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයට ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් වු අනුර කුමාර දිසානායක මහතා පළමු වරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් වුණා.

2004 වර්ෂයේ දී කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාවකින් පාර්ලිමේන්තුවට තේරී පත්වන ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග හා පශු සම්පත් අමාත්‍ය ධුරයට පත්ව කැබිනට් අමාත්‍ය ධුරයක් හිමිකර ගත්තා.

2008 වසරේ දී ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායකයා ලෙස තේරී පත්වන ඔහු, 2010 වසරේ දී ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස නැවතත් පාර්ලිමේන්තුවට තේරී පත් වුණා.

2014 වසරේ පෙබරවාරි මස 02 දින පැවති ජනතා විමුක්ති පෙරමු‍ණේ 07 වෙනි ජාතික සම්මේලනයේ දී ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයට පත් වු ඔහු 2015 වසරේ දී කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ලෙස තේරී පත් වුණා.

2019 වසරේ දී ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන හා දේශපාලන ක්‍රියාකාරීන් එක්කර ගනිමින් ජාතික ජන බලවේගය නමින් නව දේශපාලන ව්‍යාපාරයක් නිර්මාණය කරනු ලබන්නේ ඔහුගේ නායකත්ව යටතේයි.

2024 වසරේ සැප්තැම්බර් මස 21 වැනි දින පැවැති ජනාධිපතිවරණයෙන් මෙරට ජනාධිපතිවරයා බවට තේරී පත් වූ ඔහු මෙරට 09 වන විධායක ජනාධිපතිවරයා ලෙස 2024 වසරේ සැප්තැම්බර් 23 වනදා දිවුරුම් දෙනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
9
+1
0
+1
0
+1
1
+1
5
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:46
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16