ශ්‍රී ලංකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක චමින්ද වාස්, දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස එක්කරගෙන තිබෙනවා.
ඒ, අනුව එළඹෙන 2027 අයි.පී.එල් තරගාවලියේ දී වාස් එම තනතුරේ කටයුතු කරනු ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
දිල්ලි කණ්ඩායම මීට පෙර ඉන්දීය හිටපු පන්දු යවන්නන් කිහිප දෙනෙකු සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වූවද, එම සාකච්ඡා සාර්ථක වී නොමැති බවයි වාර්තා වන්නේ.
ඒ, අනුව හිටපු වමත් වේග පන්දු යවන ක්‍රීඩක චමින්ද වාස් සිය කණ්ඩායම වෙනුවෙන් එක්කර ගැනීමට දිල්ලි කපිටල්ස් කළමනාකාරීත්වය මෙලෙස තීරණය කර තිබෙනවා.
මේ අතර කැපිටල්ස් කණ්ඩායම තවමත් සිය කණ්ඩායම වෙනුවෙන් ප්‍රධාන පුහුණුකරුවෙකු පත් කිරීමේ ක්‍රියාවලියක නිරතව සිටින බවයි වාර්තා වුණේ.













