ගනේමුල්ල සංජීව ඝාතනට ඇල්ලූ කොස්තාපල් රිමාන්ඩ් – වෙඩික්කරු සහ කාන්තාව එකට සිටින ඡායාරූපයකුත් එළියට

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් මීගමුව පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කළ පොලිස් නිලධාරියා මාර්තු මස 07වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ, සැකකාර පොලිස් නිලධාරියා අද (21) දිනයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එමෙන්ම වෙඩික්කරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ප්‍රවාහනය කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් රියදුරා පොලීසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට ද අධිකරණය අවසර ලබා දී තිබෙනවා.

සැකකරුවන් දෙදෙනා කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

මේ අතර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතකළ පොලිස් කොස්තාපල්වරයාගේ ජංගම දුරකතනයේ වෙඩි තැබීමට යොදා ගත් ගිනිඅවියේ ඡායාරූප මකා දමා තිබිය දී පොලිස් විමර්ශන නිලධාරීන් විසින් සොයා ගෙන තිබෙනවා.

ඊට අමතරව ගනේමුල්ල සංජීවට වෙඩි තැබීමට වෙඩික්කරු භාවිත කරන ලද රිවොල්වරයේ ඡායාරූප සහ තවත් පිස්තෝල අවියක ඡායාරූප ද එහි තිබිය දී සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

අදාළ ඡායාරූප මෙම අපරාධ සිද්ධියට සම්බන්ධ මේ වනවිට අතුරුදන්ව සිටින සැකකාරිය විසින් සති කිහිපයකට පෙර තමන්ට එවූ බවයි සැකකාර කොස්තාපල්වරයාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී පවසා ඇත්තේ.

ඊට අමතරව මෙම අපරාධ සිද්ධියට සම්බන්ධ මේ වනවිට අතුරුදන්ව සිටින සැකකාරියගේ බවට හඳුනාගෙන ඇති අංකයක් ද එම දුරකථනයේ තිබී සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

මේ අතර කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ දී ගණේමුල්ල සංජීවට වෙඩි තැබූ මේ වනවිට අත්අඩංගුවට ගෙන සිටින වෙඩික්කරු සහ ඊට සහාය දැක්වූ බව කියන මේ වනවිට අතුරුදන්ව සිටින සැකකාරිය එකට සිටින ඡායාරූපයක් මේ වනවිට සංසරණය වනවා.

WhatsApp Image 2025 02 21 at 4.37.09 PM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.09
00:00
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45
Video thumbnail
අවන්හලක් රත්කළ වෙ# වරුසාවෙන් පසු එහි නවතම දර්ශන - ඥාතීන් ඇවිත් හඬා වැටෙයි
01:23
Video thumbnail
නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි
01:01
Video thumbnail
කාටත් හොරා කරපු නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි - සැකකරු බඩුත් එක්කම කුදලන් එයි
01:06
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම ගැන නීතීඥයෙක් හෙළිකරපු දේ - නිලධාරින්ට වරද පටවලා ?
06:25
Video thumbnail
නාගොඩ ප්‍රදේශයේ අඹුසැමි යුවලකට වෙ#
00:18
Video thumbnail
එකම තැන බිහිසුණු අනතුරු දෙකක්
01:47