කොළඹ සහ ගම්පහට හදිසියේම ජල සැපයුම අත්හිටුවීමට හේතුව සභාපති හෙළිකරයි (වීඩියෝ)

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට අද (24) අලුයම් කාලයේ ජල සැපයුම අත්හිටුවීමට සිදුවූයේ පෞද්ගලික කර්මාන්ත ශාලාවකින් පරිසරයට මුදාහැර ඇති රසායනික ද්‍රව්‍යයක් නිසා බව ජාතික ජල සම්පාදනය හා ජලා ප්‍රවාහන මණ්ඩලය පවසනවා.

ජලයට යම් අපද්‍රව්‍යයක් මුසුව ඇත්දැයි තහවුරු කරගන්නා තෙක්, ආරක්ෂාකාරී පියවරක් ලෙස මෙලෙස මෙලෙස
ජල සැපයුම අත්හිටුවීමට කටයුතු කළ බවයි එම මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර පැවසුවේ.

මේ වන විට නැවත ජල සම්පාදනය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවත්, කිසිදු ආකාරයකින් අපිරිසුදු ජලය ජනතාව වෙත ලබා නොදෙන බවත් සභාපතිවරයා මෙහිදී තහවුරු කළා.

“අද දිනයේදී අපිට විශේෂ සිදුවීමකට මුහුණ පෑමට සිදු වුනා. ඊයේ රාත්‍රියේ 11.30ට පමණ දැනගැනිමකට ලැබුණා අපගේ ප්‍රධාන ජල පවිත්‍රාගාර දෙකක් වන අඹතලේ සහ කැළණි දකුණු ඉවුර එහෙමත් නැත්නම් බියගම ජල පවිත්‍රාගාරයට උඩින් තිබුණ පෞද්ගලික කර්මාන්ත ශාලාවකින් යම් අපද්‍රව්‍යයක් (කෙමිකල්) පරිසරයට මුදා හැරලා තියනවා කියලා .මෙය අපිට ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මඟින් ද දැනුම් දුන්නා. ඒ මොහොතේදීම අපිට සිදුවුණා ජනතාවගේ ආරක්ෂාව සඳහා සහ වඩාත් සුරක්ෂිතභාවය සඳහා අඹතලේ ජල පවිත්‍රාගාරයත් බියගම ජල පවිත්‍රාගාරයත් තාවකාලිකව ක්‍රියා විරහිත කරන්න. ජලය අත්හිටවනු ලැබුවා ඒ මොහොතේ සිටම ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් රසඥවරුන් ඉංජිනේරු මහත්වරුන් සියලු දෙනාම එක්ව හදිසි විමර්ශනයක් සිදුකර එම ප්‍රදේශයට ගොස් විමර්ශනයක් සිදු කළා. ආපදා කළමනාකරන මධ්‍යස්තානයත් මෙයට සම්බන්ධ වුණා. කැළණි ගගේ ජලයේ තතත්වය පරික්ෂා කිරීම සිදු කළා.”