සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු ලෙස සැලකෙන සිංහාරගේ සමින්ද සිල්වා නොහොත් ‘කුඩු අංජු’ගේ සහෝදරියව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කුඩු අංජු ඇතුළු සැකකරුවන් 05 දෙනෙකු සම්බන්ධව මුදල් විශ්රද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මඟින් ක්‍රියාත්මක විමර්ශන අනුව මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.
ඒ අනුව, කුඩු අංජුගේ සහෝදරියක් විසින් පිළියන්දල ප්‍රදේශයේ පෞද්ගලික බැංකු දෙකක පවත්වාගෙන ගිය ගිණුම් 04 ක් සම්බන්ධව තොරතුරු අනාවරණය වී තිබුණා.
මෙම ගිණුම් වෙත රුපියල් කෝටි 07කට අධික මුදලක් සංසරණය වී ඇති බවත් නිරීක්ෂණය වි ඈති බව පොලිසිය සඳහන් කරනවා.
මෙම ගිණුම් වෙත මත්ද්‍රව්‍ය ජාවාරම හා සංවිධානාත්මක අපරාධ වලට සම්බන්ධ පුද්ගලයින් විසින් මුදල් බැරකර ඇති බවට වැඩිදුර විමර්ශනයේදී නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මඟින් අනාවරණය කරගෙන තිබෙනවා.
ඒ අනුව, ගිණුම් පවත්වාගෙන ගිය සැකකාරිය ඊයේ (05) දින විමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකාරිය වයස අවුරුදු 49 ක් වන මඩපාත ප්‍රදේශයේ පදිංචිකාරියක්.
සැකකාරිය 2026.11.06 වන දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
