කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ණය සහන ලැබෙන්නේ මෙහෙමයි

පසුගිය කාලය තුළ අහිතකර සාර්ව ආර්ථික තත්ත්වයන්ගෙන් බලපෑමට ලක් වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහන සලසමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

එම විශේෂ චක්‍රලේඛයට අනුව ලබන වසරේ මාර්තු 31 වනදා වන විට අදාළ බැංකුවල ව්‍යාපාර යළි පණ ගැන්වීමේ ඒකක සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති කුඩා හා මධ්‍ය පරිමාණ ගනුදෙනුකරුවන් සඳහා සහන හිමි වනවා.

2019 වසරේ අප්‍රේල් පළමු වනදා හෝ ඉන් අනතුරුව අදියර තුනෙහි ණය ලෙස වර්ගීකරණය කර ඇති ණය පහසුකම්වලට අදාළව සියලු ලේඛන ඉදිරිපත් කිරීමට යටත්වයි.

ඒ, අනුව 2024 වසරේ දෙසැම්බර් 15 වනදාට ගෙවිය යුතු මුළු හිඟ ණය ප්‍රාග්ධනය, රුපියල් මිලියන 25ට අඩු නම්, ලබන වසරේ දෙසැම්බර් 31 වනදාට පෙර ප්‍රතිලේඛණගත කළ ණය ආපසු ගෙවීම ආරම්භ කළ යුතු වනවා.

රුපියල් මිලියන 25 – 50 අතර හිඟ ණය පවතින ණය ගැතියන්ට ලබන වසරේ සැප්තැම්බර් 30 වනදාට පෙර ණය ආපසු ගෙවීම ආරම්භ කළ යුතු බව චක්‍රලේඛයේ සඳහන්.

එමෙන්ම රුපියල් මිලියන 50ට වැඩි හිඟ ණය ඇති ගනුදෙනුකරුවන් එළෙඹෙන වසරේ ජුනි 30 වනදාට පෙර ණය ආපසු ගෙවීම ආරම්භ කළ යුතු වනවා.

ඊට අමතරව නොගෙවූ ණය පොළිය නිදහස් කිරීම සම්බන්ධයෙන් සහන සලසා තිබෙනවා.

ඒ, අනුව රුපියල් මිලියන 05 සිට මිලියන 10 දක්වා හිඟ ණය මාස 06ක් තුළ නිරාකරණය කළහොත් 65%ක්, අවුරුද්දක් ඇතුළත 50%ක් සහ මාස 12 කට වැඩි මාස 60 කට අඩු කාලයක් තුළ 40% ක් ලෙස ණය පොළිය නිදහස් කරනු ඇති.

මුළු හිඟ ණය මුදල රුපියල් මිලියන 10 සිට මිලියන 25 දක්වා ඇත්නම් එම ණය මුදල, මාස 06ක් ඇතුළත එය නිදහස් කළහොත් 35%ක් පොළිය නිදහස් කරන බවයි දන්වා ඇත්තේ.

එම ණය මුදල වසරක් තුළ ගෙවා නිමකරන්නේ නම්, 25% කින් සහ මාස 12 කට වැඩි මාස 60 කට අඩු කාලයක් තුළ 20%ක් ලෙස ණය පොළිය නිදහස් කිරීමට නියමිතයි.

02 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මට මේවා වුණේ මගේ ගැහැණුකම නිසා..කොච්චර මඩ ගැහුවත් මගේ කට වහන්න බෑ
05:14
Video thumbnail
රාජාංගනයේ හිමි මත්ද්‍රව්‍ය ගෙනා හිමිවරුන්ට හොඳටම අමතයි..අපිට ජනපතිද අගමැතිද මොකෙක්වත් අදාළ නෑ
06:07
Video thumbnail
ඩයගම - හැටන් බිහිසුණු අනතුරෙන් එක් අයෙකුට දිවි අහිමි වෙයි..පුද්ගල‍යින් 30කට පමණ තුවාල
03:04
Video thumbnail
ඩොලර් වංචාව ගැන තවත් ප්‍රබල හෙළිදරව්වක් මෛත්‍රී හෙළිකරයි..B වාර්තාව පිටට දෙන්න එපා කියලා
07:43
Video thumbnail
මුදල් ලේකම් හෙට මුදල් කමිටුවට එන්නේ නැල්ලු..මොනවද හංඟන්න තියෙන්නේ..ඇයි බය මේ
09:41
Video thumbnail
අනුරට මාධ්‍යයේ විජ්ජාව ගැන හොඳ නිපුණතාවයක් තියෙනවා..බොරු පලස්තර ගහනවා
07:04
Video thumbnail
ශම්මිට අහිමි වුණ සභාපති පුටුව ඉරාන්ට හිමිවෙයි
01:15
Video thumbnail
🔴Breaking News
02:01
Video thumbnail
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙස ඉරාන් වික්‍රමරත්න පත් කරයි..
04:41
Video thumbnail
ඩොලර් මිලියන 2.5 ගැන විජයදාසගෙන් ප්‍රබල හෙළිදරව්වක් - මුදල් ගිහින් නෑ කියලා මහ බැංකුව දැනගෙන හිටියා
11:57