කිලිනොච්චියේ පිපිරීමක් – දෙදෙනෙකුට බරපතළ තුවාල

කිලිනොච්චි, තට්ටුවන්කෝට්ටි ප්‍රදේශයේ දී සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් දෙදෙනෙක් බරපතළ තුවාල ලබා තිබෙනවා.

අද (29) පෙරවරු 11.30ට පමණ මෙම පිපිරිම සිදුව ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.

තුවාල ලැබූවන් කිලිනොච්චිය රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

මොවුන් අතහැර දැමූ නිවසක කැනීම් කටයුත්තක් සිදුකරමින් සිටිය දී මෙම පිපිරීම සිදුව ඇති බවයි දසත නිව්ස් වාර්තාකරු සඳහන් කළේ.

මෙලෙස පුපුරා ගොස් ඇත්තේ කුමක් ද යන්න පිළිබඳව තවම නිශ්චිතවම සඳහන් කළ නොහැකි බව පැවසූ පොලිසිය, මෝටාර් උණ්ඩයක් වැනි යම් දෙයක් පුපුරා යන්නට ඇති බවටයි සැකපළ කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
3
+1
1
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?