කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය සීමාවන්

අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් කැලණිවැලි දුම්රිය මාර්ගයේ කොටසක් වසා තැබීමට පියවර ගන්නා බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.කොස්ගම සිට අවිස්සාවේල්ල දක්වා වූ කොටස මෙලෙස වසා දමනු ඇති.

එළඹෙන 07 වනදා රාත්‍රී 8.30 සිට 10 වනදා පෙරවරු 06.00 දක්වා එම කොටස වසා තැබෙන බවය.මෙම කාලය තුළදී කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය කෙරෙන්නේ කොස්ගම දක්වා පමණි.කොස්ගම සහ අවිස්සාවේල්ල දුම්රිය මාර්ග කොටසේ ඇති පාලමක් අලුත්වැඩියා කිරීම හේතුවෙන් මෙලෙස දුම්රිය මාර්ගය වසා තැබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?