කැලණිය සරසවියේ කාන්තා නේවාසිකාගාරයක ගින්නක්

කැලණිය සරසවියේ කාන්තා නේවාසිකාගාරයක ගින්නක් හටගෙන තිබෙනවා.

අද (03) පෙරවරුවේ කාන්තා නේවාසිකාගාරයක කාමරයක මෙම ගින්න හටගෙන ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ගින්න ඇතිවන අවස්ථාවේ දී කාමරය තුළ සිසුවියන් කිසිවෙක් සිට නැහැ.

ගින්න පාලනය කිරීමට ගිනිනිවීමේ රථ යොදවා ඇති බවයි වාර්තා වුණේ.

මෙම ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.