spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කාලගුණය තවදුරටත් අයහපත්

අද දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ට වැඩි තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා..

දිවයිනට නැගෙනහිර දෙසින් වූ නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩුපීඩන තත්ත්වය සමග පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවයක් දක්වා දුර්වල වී තවදුරටත් දිවයින ආසන්නයේ ස්ථානගතව පවතින බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ අනුව ඉදිරි දිනවලදීද දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර තත්වයක් පවතින බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?