ක්‍රියාන්විතයේදී දිවිපිදු හතරවන වේග ප්‍රහාරක යාත්‍රා සමූහයේ නාවික හමුදා පුද්ගලයින් වෙත උපහාර

ශ්‍රි ලංකා නාවික හමුදාවේ හතරවන වේග ප්‍රහාරක යාත්‍රා සමූහයට අනුයුක්තව ක්‍රියාන්විත සේවයේ යෙදී සිටියදී, ජීවිත පිරිත්‍යාගයෙන් කටයුතු කල නාවික හමුදා පුද්ගලයින් වෙත උපහාර පිදීමේ උළෙලක්, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබෙනවා .

ත්‍රීකුණාමලය නාවික තටාකංගනයේ, හතරවන වේග ප්‍රහාරක යාත්‍රා සමූහ මූලස්ථානයේ පිහිටි රණවිරු ස්මාරකය අභියස එම රණවිරුවන්ගේ දෙමව්පියන් ඇතුළු පවුලේ සමීපතමයින්ගේ සහභාගීත්වයෙන් අද දින (31) උපහාර පිදීමේ උළෙල පැවති බවට වාර්තාවෙනවා.

දසක තුනකට (03) ආසන්න කාලයක් රට වෙලා පැවති ත්‍රස්තවාදය, අවසන් කිරීමට දායකත්වය ලබාදී , ජීවිත පරිත්‍යාගයෙන් තම යුතුකම ඉටුකල, , හතර වන වේග ප්‍රහාරක යාත්‍රා සමූහයේ නාවික හමුදා පුද්ගලයින් වෙත උපහාර පුදකිරිම වෙනුවෙන්, හතර වන වේග ප්‍රහාරක යාත්‍රා සමූහය විසින් අදියර කිහිපයක් යටතේ එම රණවිරු පවුල්වල සාමාජිකයන් සමඟ එක්ව රණවිරු උපහාර වැඩසටහන් පවත්වනු ලබනවා .

ඒ අනුව, ත්‍රස්තවාදයට එරෙහිව සිදුකල ක්‍රියාන්විතයන්හිදී, ජීවිත පරිත්‍යාග කල නාවික තම සමුහයේ හමුදා පුද්ගලයින්ගේ මෙහෙවර කෘතවේදීව සිහිපත් කරමින්, ඊයේ (30) දින ත්‍රිකුණාමලය ජයසුමනාරාම පුරාන මහා විහාරස්ථානයේ විහාරවාසි පූජ්‍ය ගාල්ලේ චන්දා නන්ද ස්වාමීන් වහන්සේ වැඩම කරමවා බණ දේශණා පිංකමක් හතර වන වේග ප්‍රහාරක යාත්‍රා සමූහ මූලස්ථානයේදී පවත්වනු ලැබීය. අද දින ( 31) රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුද කිරීම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් සිදුකර තිබෙනවා.