spot_imgspot_img
spot_img

ක්‍රිකට් තහනම ගැන අර්ජුනගෙන් නිවේදනයක් (වීඩියෝ)

ක්‍රිකට් තහනම සම්බන්ධයෙන් හෙට (13) දිනයේ දී පුද්ගලිකව තමන් නිවේදනයක් නිකුත් කරන බව හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග පවසනවා.

ඒ, අනුව ක්‍රිකට් තහනම සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදුකරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා හෙට (13) දිනයේ දී ලිඛිත ඉල්ලීමක් සිදුකිරීමට නියමිත බව ද ඔහු සඳහන් කළා.

ගම්පහ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් අර්ජුන රණතුංග මේ බව පවසා සිටියා.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා තහනම පැනවූ ක්‍රමවේදය සම්බන්ධයෙන් තමන් සතුටු නොවන බවයි ඔහු මෙහිදී පැවසුවේ.

අර්ජුන රණතුංග මෙහිදී සඳහන් කර සිටියේ ජාත්‍යනතර ක්‍රීඩා මාධ්‍ය වාර්තාකරණ අන්දමට ශ්‍රී ලංකාවට ක්‍රිකට් තහනම පැනවීමට මුලික වූ මෙරට පුද්ගලයින් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් හෝ විමර්ශනයක් සිදුකළ යුතු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
1
+1
2
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?