AFC Banner
Empty Ad
Empty Ad

ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපතිකම යළි පාඨලීට

ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපතිවරයා වශයෙන් නැවත වතාවක් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක නිතරඟයෙන් අද (20) දින තේරීපත්ව තිබෙනවා.

ක්‍රම සහ විධි පිළිබඳ කාරකසභා සාමාජිකයන් වන ලසන්ත අලගියවන්න, වසන්ත යාපා බණ්ඩාර, අනුරාධ ජයරත්න, ඩබ්ලිව්.ඩි.ජේ. සෙනවිරත්න, සිසිර ජයකොඩි, උදයන කිරිඳිගොඩ, සංජීව එදිරිමාන්න යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඒකමතික තීරණය අනුව සභාපති තනතුර සඳහා වසන්ත යාපා බණ්ඩාර විසින් පාඨලී චම්පික රණවකගේ නම යෝජනා කර ඇති අතර ලසන්ත අලගියවන්න විසින් එම යෝජනාව ස්ථිර කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?