කළුතර, නාගොඩ ප්රදේශයේ හෝටලයක් තුළ අද (09) උදෑසන වෙඩිතැබීමක් සිදුව තිබෙනවා.
එම වෙඩිතැබීමෙන් එක් පුද්ගලයෙක් මියගොස් කාන්තාවක් තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ.
මෙලෙස මියගොස් ඇත්තේ අදාළ හෝටලයේ හිමිකරු බව සඳහන්.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙක් විසින් මෙම වෙඩි ප්රහාරය එල්ල කර පලාගොස් ඇති බව කළුතර දකුණ මූලස්ථාන පොලිසිය සඳහන් කරනවා.
මෙම ප්රහාරය සඳහා ටී-56 වර්ගයේ ගිනිඅවියක් භාවිත කර ඇති බවට විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.










