කප්පම් සිද්ධියකට හසු වී සිටින බොලිවුඩ් නිළි ජැකලින්ට අධිකරණයෙන් සහනයක්

ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පිනී ජැකලින් ෆර්නැන්ඩස් හට ඉන්දීය රුපියල් 50,000ක බැඳුම්කරයක් මත දිල්ලි නුවර පටියාලා හවුස් අධිකරණයේදී අද අතුරු ඇප නියම කෙරුණා.

ඒ, ඉන්දීය රුපියල් කෝටි 200ක කප්පම් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුප්‍රකට ව්‍යාපාරික සුකේෂ් චන්ද්‍රසේකර්ට අදාල නඩුවක අද කැඳවා තිබූ අවස්ථාවේ දීයි.

මෙම නඩුවේ විත්තිකාරියක් ලෙස ජැකලින් ෆර්නැන්ඩස් නම් කර සිටින අතර ඇයගේ නීතීඥයින් විසින් මෙම ඇප ඉල්ලීම ඉදිරිපත් කර තිබුණා.

සුදු කමිසයකින් සහ කළු කලිසමකින් සැරසී නීතිඥවරියක ලෙස වෙස්වලාගෙන ජැකලින් අද අධිකරණය වෙත පෙනී සිටීමට පැමිණි බවයි ඉන්දීය මාධ්‍ය වාර්තාකර තිබුණේ.

මෙම නඩුවේ මීළඟ නඩු විභාගය මේ වසරේ ඔක්තෝබර් 22 වැනිදා කැඳවීමටයි අධිකරණය නියෝග කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?