නොවැම්බර් 03 සිට 06 දක්වා රැස්වීමට නියමිත පාර්ලිමේන්තු සතියේ කටයුතුවල සංශෝධනයක් සිදු වූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර පවසනවා.
නියෝජ්ය කථානායක වෛද්ය රිස්වි සාලිගේ ප්රධානත්වයෙන් අද (30) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීවේදී මේ බව තීරණය වී තිබෙනවා.
පෙර තීරණය කළ පරිදි පාර්ලිමේන්තුව රැස්වන මෙම සෑම දිනකම පෙ.ව 9.30 සිටපෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබෙනවා.
පෙ.ව 10.00 සිට 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 සිට
11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්රශ්න සඳහා වෙන් කර ඇති අතර නොවැම්බර් 03 අගහරුවාදා, පෙ.ව 11.30 ට “1983 කළු ජූලි ඛේදනීය සිදුවීම හා එහි බලපෑම පිළිබඳව පූර්ණ අධ්යයනයක් සිදුකර වාර්තා කිරීමටත්, ජාතික සහජීවනය තහවුරු කිරීම සහ පීඩාවට පත් පිරිස වෙත සහන සැලසීම පිළිබඳ සිය යෝජනා සහ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව” පත් කිරීම සඳහා වන යෝජනාව අනුමතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතයි.
අනතුරුව, පෙ.ව 11.30 සිට ප.ව 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල් තැබීමේ යෝජනාවට අනුව විවාදයක් පැවැත්වීමට මෙහිදී තීරණය වී තිබෙනවා.
එමෙන්ම, මීට පෙර පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ගත් තීරණයකට අනුව කථානායකවරයාට එරෙහිව විපක්ෂය විසින් භාර දෙන ලද විශ්වාසභංග යෝජනාවේ අන්තර්ගත ඇතැම් කරුණු පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග ප්රකාරව සංශෝධනය කර ඉදිරිපත් කරන ලෙස විපක්ෂයට දැනුම් දී තිබූ අතර ප්රතිශෝධිත විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් නොවූ හෙයින් එය මීට පෙර තීරණය කර තිබූ පරිදි මෙදින විවාදයට නොගැනීමට තීරණය වී තිබෙනවා.
නොවැම්බර් 04 බදාදා පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා ආනයන හා අපනයන පාලන පනත යටතේ අංක 2508/27 දරන අති විශේෂ ගැසට් පත්රයේ පළ කර ඇති රෙගුලාසි සහ පරිපූරක ඇස්තමේන්තුවක් අනුමතිය සඳහා විවාදයට ගැනීමට නියමිතයි.
ඉන්පසු ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.
නොවැම්බර් 05 බ්රහස්පතින්දා පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා, භාර (සංශෝධන)පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමට ද ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 121 වගන්තිය අනුව මෙම පනත් කෙටුම්පත
සම්බන්ධයෙන් ශ්රේෂ්ඨාධිකරණය වෙත කිසිදු පෙත්සමක් ඉදිරිපත් නොවුනහොත්) මෙහිදී තීරණය වී ඇති අතර ඉන්පසු ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතයි.
නොවැම්බර් 06 සිකුරාදා පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා පහත සඳහන් පෞද්ගලික මන්ත්රී යෝජනා විවාදයට ගැනීම සඳහා කාලය වෙන් කර තිබෙනවා.
5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතයි.
