එප්පාවල විවිධ සේවා සමූපකාර සමිතියේ සිද්ධියක් සම්බන්ධව තමා සම්බන්ධ කරගෙන පළවන පුවත් සම්බන්ධව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (21) නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
හිටපු ජනාධිපතිවරයා පවසන්නේ පැමිණිල්ලේ සඳහන් කරුණු අසත්‍ය හා සාවද්‍ය බව මහජනතාවගේ දැනගැනීම පිණිස මෙම නිවේදනය නිකුත් කරන බවයි.
ඒ, අනුව අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් ඕනෑම පරීක්ෂණයකට තමන් සතුටින් ඉදිරිපත් වන බවත් මෙවැනි ප්‍රචාර යවා අසත්‍ය චෝදනා කරමින් කිසිඳු වංචාවකට හෝ දූෂණයකට සම්බන්ධ නොමැති තමා සම්බන්ධයෙන් කරන චරිත ඝාතනය තරයේ හෙළාදකින බව ද ඔහු පවසනවා.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව මුදල් අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධව මූල්‍ය අපරාධ කොට්ඨාසයට ඊයේ (20) දින පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
2019 වසරේදී එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් එප්පාවල සමුපකාර සමිතියට අයත් භූමියක ගොඩනැගිල්ලක් ඉදිකිරීම වෙනුවෙන් ජනාධිපති අරමුදලින් රුපියල් දෙකෝටි හැත්තෑපන් ලක්ෂයක මුදලක් අවභාවිත කිරීමක් සිදුකර ඇති බවට චෝදනා කරමින් මෙම පැමිණිල්ල ගොනු කරනු ලැබුවේ එප්පාවල සමූපකාර සමිතියේ උප සභාපති ලක්ෂ්මන් ජයවර්ධන විසින්.