එංගලන්ත සංචාරයට ශ්‍රී ලංකා සංචිත ප්‍රකාශයට පත් කරයි

සීමිත පන්දුවාර තරගාවලියක් සඳහා එංගලන්ත වෙත පිටත්ව යාමට නියමිත ශ්‍රී ලංකා සංචිතයන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

විස්සයි විස්ස තරගාවලිය ලබන 15 වැනිදා ආරම්භ වීමට නියමිත අතර එක්දින තරගාවලිය ලබන 22 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

එක්දින සහ විස්සයි විස්ස තරග රටා දෙකෙහිම නායකත්වය කුසල් මෙන්ඩිස් ට හිමිව ඇති අතර උප නායකත්වය චරිත අසලංකට හිමිව තිබෙනවා.

එමෙන්ම කලකට පසු ශ්‍රී ලංකා එක්දින සංචිතය සමඟ එක්වීමේ අවස්ථාව හිටපු නායක දසුන් ශානක හිමිව තිබීම විශේෂත්වයක්.

නම් කරන ලද එක්දින සංචිතය

කුසල් මෙන්ඩිස් (නායක), පැතුම් නිස්සංක, කමිල් මිෂාර, කමිඳු මෙන්ඩිස්, චරිත් අසලංක (උපනායක), ජනිත් ලියනගේ, පවන් රත්නායක, දසුන් ශානක, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, සචින්දු කොළඹගේ, දුෂ්මන්ත චමීර, එෂාන් මාලිංග

නම් කරන ලද විස්සයි විස්ස සංචිතය

කුසල් මෙන්ඩිස් (නායක),පැතුම් නිස්සංක, කමිල් මිෂාර, ලහිරු උදාර,කමිඳු මෙන්ඩිස්, චරිත් අසලංක (උපනායක), ජනිත් ලියනගේ, දසුන් ශානක, දුනිත් වෙල්ලාලගේ, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, තරිඳු රත්නායක, දුෂ්මන්ත චමීර, එෂාන් මාලිංග

තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ලබන 05 වැනිදා පිටත්ව යාමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි - අස්සක් මුල්ලක් නෑරම පිරිසිදු කරයි
01:13
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08