උඩරට මාර්ගයේ දුම්රිය නානුඔයට සීමා වෙයි (වීඩියෝ)

උඩරට දුම්රිය මාර්ගයට ස්ථාන කිහිපයකින් පස් කඳු කඩා වැටීම හේතුවෙන් දුම්රිය ධාවනය නානුඔය දුම්රිය ස්ථානය දක්වා සීමා කිරීමට දුම්රිය පාලක මැදිරිය පියවර ගෙන තිබෙනවා.

පවතින අධික වර්ෂාවත් සමග බදුල්ල කොළඹ දුම්රිය මාර්ගයේ පට්ටිපොල, අඹේවල, ඔහිය සහ බණ්ඩාරවෙල ඇතුළු ස්ථාන කිහිපයක දුම්රිය මාර්ගයට පස්කඳු කඩා වැටීම හේතුවෙනුයි දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇත්තේ.

මේ හේතුවෙන් දුම්රියෙන් ගමන් ගන්නා මගීන්ගේ පහසුව වෙනුවෙන් කොළඹ සිට බදුල්ල දක්වා ගමන් කරන දුම්රිය සියල්ල නානුඔය දුම්රිය ස්ථානය දක්වා සීමා කර නානුඔය සිට බදුල්ල දක්වා විශේෂ බස් රථ කිහිපයක් යොදවමින් මගීන්ට ප්‍රවාහන පහසුකම් සැලසීමට දුම්රිය දෙපාර්තමේන්තුව සහ ලංකා ගමනාගමන මණ්ඩලය එක්ව පියවර ගෙන තිබෙනවා.

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා පැමිණෙන මගී ප්‍රවාහන දුම්රිය නානුඔය දුම්රිය ස්ථානයේ නතර කරන අතර ඒවා නානුඔය දුම්රිය ස්ථානයේ සිට නියමිත වේලාවට පිටත් කිරීමටයි දුම්රිය පාලක මැදිරිය සැලසුම් කර ඇත්තේ.

නානුඔය දුම්රිය ස්ථානයේ ගාල් කර ඇති දුම්රිය සඳහා බදුල්ල සිට නානුඔය දක්වා මගීන්ට පැමිණීමට ලංගම බස් රථ සේවාවක් ක්‍රියාත්මක කර තිබෙනවා.

මෙම විශේෂ මගී ප්‍රවාහන සේවා සැලැස්ම නානුඔය දුම්රිය ස්ථානය දක්වා ඇති දුම්රිය මාර්ග හරහා වැටී ඇති පස් කඳු ඉවත් කර දුම්රිය මාර්ගයෙන් යථා තත්ත්වයට පත් කරන තෙක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි නානුඔය දුම්රිය ස්ථානයේ නිලධාරීන් සඳහන් කළේ.

අප වාර්තාකරුවන් සඳහන් කළේ දේශීය මගීන් සඳහා ප්‍රවාහන පහසුකම් ප්‍රමාණවත් නමුත් මෙලෙස දුම්රිය සීමා කිරීමෙන් විදේශීය සංචාරකයන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51