මැදපෙරදිග යුද ගැටුම් යළි උත්සන්න වීමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය විසින් වාර්තා කරනවා.
හෝමූස් සමුද්‍ර සන්ධිය ආසන්නයේ දී සෞදි තෙල් නෞකා දෙකකට ඉරානය විසින් සිදු කළ පහරදීමකට ප්‍රතිචාර වශයෙන් අමෙරිකාව විසින් ඉරානය ඉලක්ක කිහිපයක් වෙත ප්‍රහාර එල්ල කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.
මේ අතර ඉරානය Sirik ප්‍රදේශයේ නිවසක පැවති මංගල උත්සවයකට අමෙරිකාව විසින් ප්‍රහාරයක් එල්ල කර තිබූ අතර එම ප්‍රහාරයෙන් පුද්ගලයෙන් සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙම ප්‍රහාර වලින් පසු ඉරානය විසින් ජෝර්දානයේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුරකට බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ජෝර්දානයේ ගල්ෆ් ඔෆ් අකාබාහි පිහිටා ඇති Camp Titin නම් අමෙරිකානු මැරීන් බලකා කඳවුර වෙත මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව සඳහන්.
සිද්ධියෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නැහැ.













