ඉරානයට එරෙහිව ඇමෙරිකාව නැවතත් යුද්ධයකට සූදානම්-රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් උණුසුම් තත්වයක්

ඉරානයට එරෙහිව ඇමෙරිකාව නැවතත් යුද්ධයකට සූදානම් වන බවට පළවන වාර්තා හේතුවෙන් කටාර් අගමැතිවරයා, ඇමරෙිකානු ජනාධිපති ට්‍රම්ප් සහ උප ජනාධිපති වැන්ස් හමුවී සාකච්ඡා කිරීමට වොෂිංටනයට ගොස් තිබෙනවා.

යුද්ධය නැවත ආරම්භ වීමට ආසන්න බවට ඇති බිය හේතුවෙන් මැද පෙරදිග දැඩි ආතතියකට ලක්ව සිටින අතර, කටාර් අගමැති වොෂින්ටන් ඩීසී හි එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උප ජනාධිපති ජේඩී වැන්ස් හමුවීමට පැමිණ සිටිනවා.

එක්සත් ජනපදය සිය නාවික අවහිරතා ඉවත් කර, අත්පත් කරගත් වත්කම් නිදහස් කර, සම්බාධක ඉවත් නොකළහොත් සාමය කරා ගමන් කළ නොහැකි බව ඉරානය පවසන අතර, වොෂින්ටනය තම කැපවීම් ප්‍රතික්ෂේප කරන බවට චෝදනා කරනවා.

ටෙහෙරානයේ න්‍යෂ්ටික වැඩසටහන සහ හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම පිළිබඳ සාකච්ඡා අතරතුර ප්‍රගතියක් ඇති වුවහොත් ඉරානයට එරෙහිව අලුත් කළ ගුවන් ප්‍රහාර ‘ඉතාමත් අසම්භාව්‍ය’ බව ට්‍රම්ප් පවසනවා.

ඉරානයේ න්‍යෂ්ටික අවි වැඩසටහන වැළැක්වීම සම්බන්ධයෙන් ජර්මනිය සහ ඇමරිකා එක්සත් ජනපදය සමඟ පෙළ ගැසී සිටින බවට ජර්මානු විදේශ අමාත්‍ය ජොහාන් වඩේෆුල් ප්‍රකාශ කරනවා.

ඉරාන රජය න්‍යෂ්ටික අවි වැඩසටහනක් අනුගමනය කිරීමෙන් වැළැක්වීම සම්බන්ධයෙන් ඉරානයට එරෙහි යුද්ධයේදී එක්සත් ජනපදයට සමාන දේශපාලන අරමුණක් ජර්මනියට ඇති බව ජර්මානු විදේශ අමාත්‍ය ජොහාන් වඩේෆුල් පෙන්වා දෙනවා.

‘යුරේනියම් පොහොසත් කිරීම සහ න්‍යෂ්ටික අවි වැඩසටහන් ස්ථිරවම අත්හැරිය යුතු බව ඉරානය අවසානයේ තේරුම් ගනී යැයි මම බොහෝ සේ බලාපොරොත්තු වෙමි’ යැයි පැරිසියේ පැවති හත්වන කණ්ඩායමේ (பு7) විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමේදී වඩේෆුල් වාර්තාකරුවන්ට ප්‍රකාශ කළා.