ඉන්ධන මිල ඉහළ දැමීමට සාපේක්ෂව ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ දැමීමට කටයුතු කරන බව ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් එල්. රෝහණ පවසනවා.
ඒ අනුව පළමු කිලෝමීටර්යට අයකරනු ලබන රුපියල් 110 ගාස්තුව රුපියල් 10 කින් ඉහළ දැමීමට සිදුවන බවයි ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළේ.
එමෙන්ම දෙවන කිලෝමීටරයේ සිට කිලෝමීටරයකට අය කරනු ලබන රුපියල් 90 ගාස්තුව ද රුපියල් 100 දක්වා ඉහළ දැමීමට ද සිදුවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
මේ අතර ඉන්ධන මිල ඉහළ දැමීමට තෙල් සංස්ථාව කටයුතු කළත්,ත්‍රීරෝද රථ ගාස්තුවේ ඉහළ දැමීමක් සිදුනොකරන බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ සභාපති ලලිත් ධර්මසේකර පැවසුවේ වෘත්තීය ත්‍රිරෝද රථ රියදුන්ට තම වෘත්තීය සිදුකරන යෑම සඳහා QR කේතයෙන් බැහැරව ඉන්ධන ලබාදීමට ක්‍රමවේදයක් සකසන ලෙසයි.
ඒ, අනුව ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකවන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට කටයුතු කර ඇති පසුබිමක, ත්‍රිරෝද රථ ගාස්තු සම්බන්ධයෙන් ත්‍රිරෝද රථ සංගම් දෙකක් මත දෙකක පසුවනවා.
