ඉන්ධන මිල ඉහළ ගියත් ත්‍රිරෝද රථ ගාස්තුවේ ඉහළ යෑමක් නැහැ

ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකවන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කළා.

මේ අතර ඉන්ධන මිල ඉහළ දැමුවද ත්‍රීරෝද රථ ගාස්තුවේ ඉහළ දැමීමක් සිදුනොකරන බවයි සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ සංගමයේ සභාපති ලලිත් ධර්මසේකර පැවසුවේ.

කෙසේ වෙතත් සභාපතිවරයා පවසන්නේ වෘත්තීය ත්‍රිරෝද රථ රියදුන්ට තම වෘත්තීය සිදුකරන යෑම සඳහා QR කේතයෙන් බැහැරව ඉන්ධන ලබාදීමට ක්‍රමවේදයක් සකසන ලෙසයි.

මේ වනවිට ත්‍රිරෝද රථ ගාස්තුවේ පළමු කිලෝමීටරයට රුපියල් 110ක් අය කෙරෙන අතර, දෙවන කිලෝමීටරයේ සිට කිලෝමීටරයකට රුපියල් 90ක ගාස්තුවක් අයකරනු ලබනවා.