ආහාර විෂවීම් සොයන පරීක්‍ෂණත් නැවතිලාද?

ආහාර විෂවීමෙන් පුද්ගලයන් මියගිය විට එම අදාළ ආහාර ගැන සෙවීමට රසායනාගාරවලට පහසුකම් නැති නිසා එම පරීක්‍ෂණ කටයුතු නවතා දමා ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් ඊයේ (21) පැවසුවා.

ආහාර තත්ත්ව පාලන රසායනාගාර රැසකටම අවශ්‍ය ප්‍රතික්‍රීයක සහ අදාළ අනෙකුත් පහසුකම් නොමැතිවීම නිසා පරිභෝජනය සඳහා මුදාහරින ආහාර පිළිබඳ පරික්‍ෂාවන් රැසක්ද අඩාලවී තිබෙන බවද කුමුදේශ් කීය.

ඖෂධ මෙන්ම ආහාර පිළිබඳ සම්පූර්ණ පරික්‍ෂාවන් සිදු කිරීමට අදාළ විශ්ලේෂණ රසායනාගාර පහසුකම් ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු නොකර ඇති තත්ත්වයක් යටතේ පවා එම පරික්‍ෂාවන් අහඹු ලෙස සහ සැක කටයුතු අවස්ථාවන්හිදී සිදු කිරීමට රටේ ආහාර විශ්ලේෂණ රසායනාගාර කිහිපයක් පළාත් වශයෙන් සහ මධ්‍යම රජය යටතේ ක්‍රියාත්මක වන බවද කීය. එහෙත් දැනට එම රසායනාගාරවලටද අවශ්‍ය පහසුකම් නොමැතිවීම හේතුවෙන් පරීක්‍ෂණ කටයුතු නවතා දමා ඇති බවද ඔහු කීය. මේ හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඒ පිළිබඳව සිදුකරන වැටලීම් පවා නිශ්ඵල ක්‍රියාවක් බවයි ඔහු පැවසුවේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.09
00:00
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45
Video thumbnail
අවන්හලක් රත්කළ වෙ# වරුසාවෙන් පසු එහි නවතම දර්ශන - ඥාතීන් ඇවිත් හඬා වැටෙයි
01:23
Video thumbnail
නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි
01:01
Video thumbnail
කාටත් හොරා කරපු නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි - සැකකරු බඩුත් එක්කම කුදලන් එයි
01:06
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම ගැන නීතීඥයෙක් හෙළිකරපු දේ - නිලධාරින්ට වරද පටවලා ?
06:25
Video thumbnail
නාගොඩ ප්‍රදේශයේ අඹුසැමි යුවලකට වෙ#
00:18
Video thumbnail
එකම තැන බිහිසුණු අනතුරු දෙකක්
01:47