ආහාර විෂවීම් සොයන පරීක්‍ෂණත් නැවතිලාද?

ආහාර විෂවීමෙන් පුද්ගලයන් මියගිය විට එම අදාළ ආහාර ගැන සෙවීමට රසායනාගාරවලට පහසුකම් නැති නිසා එම පරීක්‍ෂණ කටයුතු නවතා දමා ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් ඊයේ (21) පැවසුවා.

ආහාර තත්ත්ව පාලන රසායනාගාර රැසකටම අවශ්‍ය ප්‍රතික්‍රීයක සහ අදාළ අනෙකුත් පහසුකම් නොමැතිවීම නිසා පරිභෝජනය සඳහා මුදාහරින ආහාර පිළිබඳ පරික්‍ෂාවන් රැසක්ද අඩාලවී තිබෙන බවද කුමුදේශ් කීය.

ඖෂධ මෙන්ම ආහාර පිළිබඳ සම්පූර්ණ පරික්‍ෂාවන් සිදු කිරීමට අදාළ විශ්ලේෂණ රසායනාගාර පහසුකම් ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු නොකර ඇති තත්ත්වයක් යටතේ පවා එම පරික්‍ෂාවන් අහඹු ලෙස සහ සැක කටයුතු අවස්ථාවන්හිදී සිදු කිරීමට රටේ ආහාර විශ්ලේෂණ රසායනාගාර කිහිපයක් පළාත් වශයෙන් සහ මධ්‍යම රජය යටතේ ක්‍රියාත්මක වන බවද කීය. එහෙත් දැනට එම රසායනාගාරවලටද අවශ්‍ය පහසුකම් නොමැතිවීම හේතුවෙන් පරීක්‍ෂණ කටයුතු නවතා දමා ඇති බවද ඔහු කීය. මේ හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඒ පිළිබඳව සිදුකරන වැටලීම් පවා නිශ්ඵල ක්‍රියාවක් බවයි ඔහු පැවසුවේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46