අසැබි වැඩවලින් සමාජ මාධ්‍ය කැළඹු මොහුව පොලිසියෙන් සොයයි

මුහුණු පොත හා WhatsApp සමාජ මාධ්‍ය ජාලා හරහා ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් වාර්තා වූ පැමිණිලි ගණනාවකට අවශ්‍ය කරන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා සමන්තුරය පොලිස් ස්ථානය මගින් විර්මශන සිදු කරනු ලබනවා.

සැකකරු මේ වන විට ප්‍රදේශයෙන් පලාගොස් සිටින අතර සැඟව සිටින ස්ථානයක් අනාවරණය නොවීම හේතුවෙන් මෙතෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී තිබෙනවා.

සැකකරු අහමදු ලෙබ්බේ මුහම්දු අස්ලම් නම් වූ 47 හැවිරිදි අයෙක්.

ඔහු, අංක 478/ඒ1, අලීම් පාර, සයින්දමරුදු 16 යන ලිපිනයේ පදිංචිව සිටිනවා.

පොලිසිය විසින් සැකකරුගේ ඡායාරූප දෙකක් මාධ්‍ය වෙත යොමු කරන ඇති අතර සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

සමන්තුරය පොලිසියේ ස්ථානාධිපති – 071-8591162
සමන්තුරය පොලිස් ස්ථානය – 0672260222

image 3
image 4