Monday, January 13, 2025
Empty Ad
AFC Banner
AFC Banner

අවසර පත්‍රයක් නැත්නම් ආබාධිත පුද්ගලයින්ටත් ඡන්දය දාන්න බෑ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක (වීඩියෝ)

ඡන්දය සලකුණු කිරීමට ආබාධිත පුද්ගලයෙකු වාහනයකින් හෝ කවර ආකාරයකින් හෝ ඡන්ද මධ්‍යස්ථානයට කැටුව යාමේ දී නිසි අවසරයකින් තොරව ඇතුල් වීමට අවසර නොදෙන බව ශ්‍රී ලංකා පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ හෙට (14) උදෑසන 07 සිට පස්වරු 4 තෙක් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු සිදු කෙරෙන බවත්; ඒ සඳහා ඉහත නීතිරීති පනවා ඇති බවයි.

කිසියම් රෝගී තත්ත්වයකින් පෙළෙන්නකු හෝ ආබාධිත තත්ත්වයෙන් පසුවන්නෙකු සිටී නම්; තේරීම් භාර නිලධාරියාගෙන් හෝ සහකාර මැතිවරණ කොමසාරිස්ගෙන් ලද පූර්ව අවසරයක් ඒ සඳහා පොලිස් නිලධාරින් වෙත ඉදිරිපත් කළ යුතු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

එමෙන්ම අනන්‍යතාව තහවුරු කළ හැකි නීතියෙන් නියම කරන ලද හැඳුනුම්පත් රැගෙන යන ලෙසත් තමන්ට නියමිත නිල ඡන්ද පත්‍රිකාව පමණක් රැගෙන යාමට වග බලා ගන්නා ලෙස ද පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

කිසිදු ලෙසකින් බස් රථවලින් ඡන්ද දායකයින් ඡන්ද මධ්‍යස්ථාන වෙත රැගෙන ඒම දැඩි දඬුවම් ලැබිය හැකි වරදක් බැවින් ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරමින් එය නිරීක්ෂණය කිරීමට බුද්ධි නිලධාරින් ස්ථානගත කර ඇති බව ද නිහාල් තල්දූව මහතා කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී මහා බෝධිය වඳින්න ගිය කතානායකට සැරටම කියලා දීපු හිමිවරු
18:53
Video thumbnail
දඬුවම් දීපු දුමින්ද සිල්වට මේ ආණ්ඩුව දැන් වෙන විදිහකින් දඬුවම් කරනවා
02:55
Video thumbnail
පොංගල් සමරන්න බැරුව අසරණ වෙන ජනතාව
05:54
Video thumbnail
ලංකාවට ආපු නැව් 30ක් හරවගෙන යයි - ඇමති බිමල් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:42
Video thumbnail
අපි ආවේ ටෙස්ට් මැච් එකක් ගහන්න - ආපු ගමන් නෙළාගෙන යන්නේ නෑ - ඇමති සමන්ත කියයි
04:04
Video thumbnail
මාලිමාවට අසාධාරණයක් - මාලිමා මන්ත්‍රීට තදවෙයි
05:06
Video thumbnail
අපිට හරි කරදර - බුදු දහම විනාශ කරනවා - හිමිවරු මාධ්‍ය කැඳවයි
28:25
Video thumbnail
වරායේ කට්ටිය එක්ක එක මීටින් එකයි - ජනපතිගේ නියෝගයෙන් ප්‍රශ්නය විසඳෙයි
22:23
Video thumbnail
ලංකාවේ මිනිස්සුන්ගේ දත්ත ඉන්දියාවට දෙන්න යනවා
12:47
Video thumbnail
ජනතාව අපේ ආණ්ඩුව ගැන ගොඩක් සතුටින් - නියෝජ්‍ය ඇමති මාධ්‍යට කියයි
09:10

?