අල්ලස් ⁣කොමිසමෙන් අත්අඩංගුවට ගත් නිශාන්ත රණතුංගට ඇප

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් ⁣කොමිසම විසින් අත්අඩංගුවට ගත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ හිටපු සභාපති නිශාන්ත රණතුංග ඇප මත මුදාහරින ලෙස කොළඔ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (10) නියෝග කළා.

සිද්ධියට අදාළ සැකකරුට ලක්ෂ 10ක බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කළ මහේස්ත්‍රාත්වරයා විදෙස් ගමන් තහනම් කිරීමට ද නියෝග කළා.

එමෙන්ම රුපියල් 75,000 ක මුදල් ඇපයක් ද නියම කරනු ලැබුවා.

ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ හිටපු සභාපති වශයෙන් සිටිය දී ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ⁣සේවය කළ එක් රි⁣යදුරෙක් සහ මිනුම් සහායකවරයෙක් යන දෙදෙනා සහ එම මණ්ඩලයේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනකු සැකකරුගේ පුද්ගලික සේවයට යොදා ⁣⁣ගනිමින් එම සේවකයින්ට අවශ්‍ය වැටුප් ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට හිමි වු ව්‍යාපෘතියකින් ගෙවා රජයට රුපියල් මිලියන 14ක අධික මුදලක් රජයට පාඩු කිරීමේ සිද්ධියට අදාළව සැකකරුට දුෂණය නැමැත චෝදනාව යටතේ චෝදනා ගොනු කර තිබෙන බව අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියා.